ගෝඨා මහින්දට එරෙහිව වැඩ අරඹලා…!

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැන් මහින්ද රාජපක්ෂ ට විරුද්ධව දේශපාලනික ක්‍රියාන්විතයකට අවතීර්ණ වී ඇතැයි   රුසියා‍වේ හිටපු තානාපති සහ රාජපක්ෂ පවුලේ සමීප ඥාතිවකු වන උදයාංග වීරතුංග පවසයි.

පොදු ජන පෙරමුණේ දේශපාලනයෙන් මෑතකදී ඉවත් වුණු මහාචාර්ය ජී.එල් පීරිස් ඇතුළු කණ්ඩායමක් පසුගියදා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමුව ඇති බවත් ඔවුන් සමඟ මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට විරුද්ධව කටයුතු කිරීම ඉතා පැහැදිළිව දැකිය හැකි දෙයක් බවත් උදයාංග වීරතුංග  මෙහිදී  චෝදනා කරයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් වීරතුංග  සදහන් කළේ රටේ හැට නව ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු විනාශ කළේ ගෝඨාභය රාජපක්ෂ බවයි.

තමන් පැරණි දේ වමාරන බැවින් ඔහු තමන් සමඟ දැඩි කෝපයෙන් පසුවන බවද සඳහන් කළ උදයංග වීරතුංග  ඔහු දැඩි ආතතියතින් පසුවන බවත් එය ඔහුට නුසුදුසු නිසා හොඳම දේ ආපසු උත්සාහ කර ඇමෙරිකාවට යාම බවත් පැවසීය.


“ වැඩිය ඕන නැහැ මහින්ද අයියා මේ ළඟදී කියල තිබුණා චන්ද්‍රිකාවත් මට මෙච්චර වැඩ කරන්න නොදුන්නේ නෑ. ඒක බොක්කෙන් කිව්ව දෙයක්. රටම දන්නවනේ චන්ද්‍රිකා කොහොමද මහින්ද අයියාට බාධා කළේ කියල. ඊටත් වඩා බාධාවක් ගෝඨ අයියා කළා. “ යනුවෙන්ද උදයංග වීරතුංග   පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගෝඨාභය රාජපක්ෂ   සිංගප්පූරුවේ සිට තායිලන්තයට ගියේ පෞද්ගලික ජෙට් යානයකින් බවත් ඒ සඳහා වියදම් කරන්නට පුද්ගලයන් සිටි බවත් සඳහන් කළ උදයංග වීරතුංග  තමන්ට මෙම ජෙට් එකට මුදල් වියදම් කළේ කවුද යන්න තවමත් සොයා ගත නොහැති වූ නමුත් ගෝඨාභය රාජපක්ෂට හිතවත් මෙරට මාධ්‍ය ආයතන ප්‍රධානියෙක් සිංගප්පූරුවේ සියලු බිල් ගෙවා දැමූ බව සඳහන් කළේය.

Exit mobile version