“ගෝඨා ගෝ හෝම්“ කියන්නට කොටු පවුර මතට නැගි උද්ඝෝෂකයන් පළවා හරින්නට හමුදාවත් එක් වෙයි…

ලලිත් චාමින්ද

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද ජනාධිපතිවරයා ඇතුළු වත්මන්  රජයට වහා ඉවත්වන ලෙස බලකරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරින්  කණ්ඩායමක් විසින්     ගාලුකොටුපවුර මතදි විරෝධතාවයක නිරතවුහ. 

මෙහිදි  යුධ හමුදාව හා පොලිසිය විසින් විරෝධතාකරුවන්  ඉවත්කිරිමට යාමේ දි  උණුසුම් තත්වයක් ඇතිවිය.  ආරක්ෂක අංශ  විරෝධතාකරුවකුගේ  අත තිබු පොස්ටර්යක් ඉරාදැමිමට උත්සාහ කළ බව විරෝධතාකරුවෝ චෝදනා කළහ.   ගාලුකොටුපවුර යනු  ඕනැම පුද්ගලයෙකුට නිදහසේ  ප්‍රවේශවිමට ඇති  ස්ථානයක් බවත් පුද්ගලයකුගේ අදහස් ප්‍රකාශකිරිමට බාදා කිරිමට  පොලිසියට  හෝ යුධ හමුදාවට අයිතියක් නොමැති බැව් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිතිඥ  ජි.එච්.අජිත් කුමාර   මේ අවස්ථාවේ දී පැවසුවේය.

විරෝධතාවයට බාධාකිරිම සම්බන්දව අජිත් කුමාර  විසින් ශ්‍රිලංකා නිතිඥ සංගමයට ද  දැනුම් දුන්නේය. ජනපීඩක පාලකයන්ගේ අදුර්දර්ශි හා  වගකිම් විරහිත පාලනය හේතුවෙන්  සියලු ආකාරයෙන් පිඩාවට පත් ජනතාවට දැන් ඉතිරිව ඇත්තේ විරෝධතාවය දැක්විම පමණක් බවද අජිත් කුමාර කිවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දින (30) පැවති විරෝධතාවයේ දි ඊට බාදාකිරිම හා නිතිවිරෝධි සහ   මර්ධන ක්‍රියාපිළිවෙතට  එරෙහිව මැදිහත්වන ලෙස ශ්‍රිලංකා  නිතිඥ සංගමයෙන් අජිත් කුමාර  ඉල්ලිමක් කොට ඇත.


 

Exit mobile version