ගෝඨාභයට බැංකොක් යන්න ගුවන් යානයක් රජයේ වියදමින් දුන් බව ආණ්ඩුව පිළිගනී!

ජනතා විරෝධය මැද පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ සිට තායිලන්තයේ බැංකොක් නුවරට ගමන් කිරීම සඳහා රජයේ වියදමින් පෞද්ගලික ගුවන් යානයක් ලබා දුන් බව   කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පිළිගත්තේය.  ඇමතිවරයා අවධාරණයෙන්  කීවේ එවැනි වරප්‍රසාද ලබා ගැනීමේ අයිතියක් ඔහුට පවතින බවය.

හිටපු ජනාධිපතිවරයාට මහජනතාවගේ බදු මුදලින් ගුවන් යානයක් ලබා දී ඇති බව විමසමින් එවැනි අයිතියක් හිටපු ජනාධිතිරයාට පවතීද යන්න විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ජනාධිපතිවරණ පනත අනුව හිටපු ජනාධිපතිවරයකුට රජය විසින් ලබා දිය යුතු වරප්‍රසාද පවතින බවත් ජනාධිපතිවරයා මිය ගිය පසුව පවා ආර්යාව වෙනුවෙන් එකී වරප්‍රසාද ලබා දිමේ නීත්‍යනුකූල වගකීමක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිටත් හිටපු ජනාධිපතිවරුන් එවැනි වරප්‍රසාද ලබා ගන්නා බවත් දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ අර්යාවටද තවමත් එකී වරපස්‍රදා ලබා දෙන බවද සඳහන් කළ අමාත්‍ය ගුණවර්ධන  මේ පිළිබඳව තවදුරටත් විස්තර අවශ්‍ය නම් ඉදිරියේදී ලබාදිය හැකි බව සඳහන් කළේය.


Exit mobile version