ගෝඨාගෝගමට ගහන්න පැමිණි ජොනී ඇතුළු චන්ඩි මන්දිරේ හිරවෙද්දී ගෝඨාගෝගම යළි ඉපදෙයි!

ඊයේ (09) ගෝඨාගෝගමට පහර දුන්  දේශපාලන චන්ඩින්ගේ භූමිකාව පණ පෙවූ  ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, සී.බී.රත්නායක, ප්‍රසන්න රණතුංග, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු දේශපාලකයින් පුරා පැය 24කට වැඩි කාලයක් අරලියගහ මන්දිරය තුළ සිරවී සිටිද්දී ගෝල්ෆේස් අරගලය යළි නව ජවයකින් සහ මුහුණුවරකින් යුතුව ආරම්භ වී තිබේ.

මේ වනවිට සිය ගණන් පිරිස් ඇඳිරිනීතිය නොතකා  අරගල භූමිය වෙත ඇදෙමින් සිටිති. කුටි යළි ගොඩනැගී ඇත.

ගෝඨාගෝගම පුස්තකාලය ඊයේ රාත්‍රියවනවිට ඉතාම හොඳින් යළි ගොඩනැන්විනි.  සත්‍යග්‍රහයට හිමිවරු වැඩමකර සිටිති. මේ අතර හිටපු අගමැතිවරයාට යන යන තැන ජනතා උද්ඝෝෂණ මතුවෙමින් තිබේ.


මේ අලුතින් ස්‍රකීය වූ ගෝඨාගෝගමය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version