ගෝඨාගේ පරණ කෙළි කරළියට… වසර 33කට පෙර මාතලේ දී තරුණයින් 700ක් අතුරුදහන් කිරීම ගැන  එක්සත් ජාතීන්ගෙන් රහසිගත ලිපියක්!

GOTABHAYA

ජනතා විරෝධය මැද පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 1988 සහ 1990 වසරවලදී යුධ හමුදාවේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළ අවධියේදී රට තුළ ඇතිවී තිබුණු කැරල්ලත් සමග පුද්ගලයන් 700කට අධික සංඛ්‍යාවක් අතුරුදන් කිරීම පිළිබඳව විමර්ශනය කරන තොරතුරු දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතට ගැනෙන ආයතන හතරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත රහසිගත ලිපියක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය නොවැම්බර් මස 08 වැනිදා ඉදිරිපත් කර අති මෙම ලිපියට අදාළව දෙමසක් තුළ කිසිදු පියවරක් නොගතහොත් එම ලිපිය ප්‍රසිද්ධ කරන බවටද මෙම සංවිධාන විසින් අනතුරු අඟවනු ලැබ ඇති අතර මේ වනවිට එම ලිපිය ප්‍රසිද්ධ කර ඇති බව ප්‍රවීන දේශපාලන විශ්ලේශකයකු වන ඩී.බී.එස් ජෙයරාජ් පවසයි.

ඔහුට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක වන බලහත්කාරයෙන් හෝ ස්වේච්ඡාවෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම, නීති විරෝධී, සාරාංශ හෝ අත්තනෝමතික ක්‍රියාත්මක කිරීම් පිළිබඳ විශේෂ විමර්ශන කණ්ඩායම සහ සත්‍යය, යුක්තිය, වන්දි ගෙවීම සහ මෙවැනි සිදුවීම් නැවත සිදු නොවන බවට සහතික කිරීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කමිටුව යන ආයතන විසින් මෙම චෝදනාව ඉදිරිපත් කරනු ලැබ ඇත.

එයින් සඳහන් කර ඇත්තේ 1989 මැයි මාසයේ සිය 1990 ජනවාරි මාසය දක්වා කාලය තුළ ජනතාව විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ක්‍රියාත්මක වූ කාල වකවානුවේදී ගජබා රෙජිමේන්තුවේ බලමු බලමුළුවේ අණ දෙන නිලධාරීයා ලෙස කටයුතු කළ යුධ හමුදා නිලධාරියා මාතලේ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස ක්‍රියා කර ඇති අතර මෙම කාලය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ තරුණයන් ඇතුළු හත්සියයකට වැඩි පිරිසක් අතුරුදන් කර ඇති බව තමන් විසින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
මෙම් අතුරුදන්වීම් පිළිබඳව සහ ඊට වගකිවයුත්තන් පිළිබඳව විමර්ශනය කරන ලෙස මෙම කණ්ඩායම් පසුගිය නොවැම්බර් මස 3 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යවන ලද ලිපියෙන් පෙන්වා දී තිබේ.


මේ අනුව මෙම කාලය තුළ ගජබා රෙජිමේන්තුවේ පළමු බලඇණියේ අණ දෙන නිලධාරියා ලෙස සහ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා ලෙස ක්‍රියා කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. ඔහු එකල ලුතිනන් කර්නල් නිලයේ ක්‍රියා කර තිබේ.

මෙම කාලය තුළ මාතලේ විජය විද්‍යාලයයේ රැඳවුම් කඳවුරක් ස්ථාපනය කර නීති විරෝධි බලහත්කාරයෙන් පුද්ගලයන් රඳවා අමානුෂික වධ හිංසා පමුණුවා ඇති බව අනාවරණය කරන මෙම කණ්ඩායම එහිදී පුද්ගලයන්ට පහර දුන් ආකාරයට ද විස්තර කර ඇත.
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති මෙම කණ්ඩායම් හතරේ නායකයින් ඒ පිළිබඳව මෙතෙක් කර ඇති විමර්ශන තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙස ද ඉල්ලා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් දින 60ක් තුළ ශ්‍රි ලංකා රජය පියවරක් නොගතහොත් එම ලිපිය ප්‍රසිද්ධ කරන බව සඳහන් කර ඇති එම කණ්ඩායම අදාළ කාලය තුළ ශ්‍රි ලංකා රජය මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් තැන එය ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇත.

Exit mobile version