ගෝඨභය මැති තුමා අත් පා බැඳලා ගඟට දාලා… ඉතින් මම බැමි කැපුවා… ඩයනා කියයි…

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අශ්වයෙක් උනත් එතුමාට ඉන්න සිද්ධ වී තිබෙන්නේ කොටළුවන් ගොඩක බව සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ අද( 23) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

මේ රටේ හැට නව ලක්ෂයක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අත් පා බැඳ දමා ගඟට විසි කර ඔහුට පීනන්න කීවත් එය කළ නොහැකි බවත් ඒ නිසා විසි වැනි සංශෝධනයට සහයෝගය දී බැඳ තිබූ අත් පා විවර කර දැමීමට තමන් තීරණය කළ බවත් ඩයනා ගමගේ පැවසුවාය.

විපක්ෂය නියොජනය කරන   මන්ත්‍රී වරියක ලෙස 20වැනි සංශෝධනයට චන්දය විමසූ අවස්ථාවේ ආණ්ඩුව සමග එක්ව ඊට පක්ෂව චන්දය දීමට තීරණය කළේ මන්දැයි පාර්ලිමේන්තුව හමුවේ කරුණු පැහැදිලි කරමින් ඇය මේ බව පැවසුවාය.


එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඩයනා ගමගේ මේසේ ද කීවාය.

“ රෝමයේ සීසර්ව මරපු ඇන්තෝනියො පිහිය රෝමයේ ජනතාව ඉදිරියට රැගෙන ඇවිත් මම සීසර්ව මැරුවා කියා ප්‍රකාශ කළා. නමුත් ඇන්තෝනියෝ සීසර් ලඟ සිටි සීසර්ට ආදරය කළ හොඳම මිතුරා… ඒ අවස්ථාවෙ රෝමයම කෑ ගැහුවා උඹ තමයි සීසර් ලඟ හිටියෙ, ඇයි උඹ සීසර්ව මැරුවෙ කියලා. එහි දී ඇන්තෝනියෝ දුන්න උත්තරය උනේ මම සීසර්ට ආදරෙයි. නමුත් රෝමට ඊට වඩා ආදරෙයි. අන්න එතැනදී මම මගෙ රටට ආදරය නිසා විසි වැනි සංශෝධනයට සහයෝගය දුන්නා..“

“මේ රටේ ජනතාව හැට නව ලක්ෂයක් චන්දය දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා ජනාධිපති ධුරයට පත් කර ගත්තා. නමුත් අද එතුමට මොකක්ද සිදුව තිබෙන්නෙ… එතුමගෙ අත් දෙක බැඳලා ගඟට විසි කරලා පීනලා ගොඩ එන්න කියනවා… එතුමා පීනයි ද කියා අපි ඔක්කොමලා බලාගෙන සිටිනවා… නමුත් එතුමට පීනන් බෑ… එතුමා ගිලෙනවා… ඊට පසු අප ඒ විනාශය දෙස බලා සිටිනවා.“

“රටට අත් කකුල් ගැට ගැසූ පඹයෙක් අවශ්‍ය නෑ…. තිබුණ තත්වය මත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මුකුත් කරන්න බෑ… එතුමා අශ්වයෙක් වුවත් කොටළුවො ගොඩක් සමග ඉන්න සිදුව තිබුණෙ… ජනාධිපතිතුමාගෙ දෑත් බැඳ තිබුණත් 20වැනි සංශෝධනයෙන්. එය ඉවත්කොට එතුමට පීනල ගොඩ එන්න අවස්ථාව උදා කළා… ඊට හදවතින්ම මම මගේ සහයෝගය ලබා දුන්නා…“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Exit mobile version