ගොල් ෆේස් එකට හන්න ආපු රජ්‍ය ඇමති සනත් නිශාන්තගේ නිවසට ප්‍රහාරයක්

Sanath Nishantha

ගාලුමුවදොර සාමාකමී විරෝධතාකරුවන්ට ප්‍රහාරයට එල්ල කිරීමට පැමිණි බවට සදහන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සන්ත නිශාන්ත මහතාගේ නිවසට සහ ඔහුගේ කාර්යාලය පහරදීමක් එල්ලවී තිබේ.

එහිදී මන්ත්‍රීවරයාගේ වාහන ඇතුළු දේපල වලට දැඩිලෙස හානි සිදුව ඇති අතර ඔහුගේ නිවස අසලට දෙදහසකට අධික පිරිසක් පැමිණ ඇති බවද වාර්තාවේ.

මේ අතර හිටපු අග්‍රාමත්‍ය මහින්ද රාජපක මහතාට සහය පළකිරීමට අරලියගහමන්දිරයට පැමිණ පිරිසට විශාල වශයෙන් මත්පැන් ලබාදී ඇති බවටද වාර්තාවේ.


ඒඅනුම මීරිගමදී පහරදීමකට ලක්වූ සුඛෝපභෝගී මොටර් රථයක තිබී මත්පැන් බෝතල් රැසක් සොයා ගැනීමටද හැකිව ඇති අතර එම මත්පැන් ගෝඨාගෝගමට පහරදීමට පැමිණ පිරිසට ලබාදීමට ගෙන එන ලද මත්පැන් බවද වාර්තාවේ.

පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ කාර්යාලවලට සහ නිවාස වලට පහර දෙයි.

කුරුණෑගල පිහිටි මහන්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් රැසකගේ කාර්යාල හා නිවාස වලට පහරදීම් වාර්තාවේ.

ඒ අනුව මේ වන විට මොරටුව නගරාධිපති සමන්ලාල් ගේ නිවසටත් ප්‍රකෝපයට පත් ජනතාව පහරදී ගිනි තබා ඇතැයි වාර්තා වේ.

මේ අතර කුරුණෑගල නගරාධිපති වරයාගේ මෝටර් රථයට ද නිට්ටඹුව ප්‍රදේශයේ දී ප්‍රහාරයක් එල්ල වී තිබේ

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අමරසිරි අතුකෝරල ගමන් ගත් වාහනය හා පහරදීමකට ලක්වී ඇති අතර එහිදී වෙඩි තැබීමක් සිදු වී පුද්ගලයින් තිදෙනකු රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවිත් තිබුණද ජනතාව මාර්ග අසලට පැමිණ සිය විරෝධතාව පළ කරමින් සිටින අතර ඇතැමුන් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සිය සතුට පළ කරමින් රතිඤ්ඤා දැල්වීමට දැක ගැනීමට හැකියාව ලැබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version