ගොඩබිමින් මුහුදු සැතපුම් 200ක් ඈත දියඹේ දී දරුවෙකුට දස වද දීලා

සැකකරුවන් අත් අඩංගුවේ.... පොලිසිය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පරීක්ෂණ අරඹයි...

මාතර –  සම්පත් –

බාල වයස්කාර දරුවෙකුට ගොඩ බිමේ සිට මුහුදු සැතපුම් දෙසීයක් පමණ දියඹේ දී අමානුශික ලෙස පහර දී නිරාහාරව තැබීම සම්බන්ධව පුද්ගලයන්  පස් දෙනෙකු සැකපිට අද (16) උදෑසන මාතර  කොටවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ මිරිස්ස උඩුපිල ප්‍රදේශයේ පදිංචි බහුදින යාත්‍රාවේ අයිතිකරු සහ එහි සේවය කළ දෙනුවල, මිරිස්ස, බණ්ඩරමුල්ල , උඩුපිල  ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
ඉකුත් ජුනි මස 28 වැනි දින මිරිස්ස ධීවර වරායෙන් ධීවර රැකියා සඳහා පිටත්වූ මෙම ධීවර යාත්‍රාවේ මිරිස්ස බණ්ඩරමුල්ල, නුගගහහේන ලිපිනයේ පදිංචි 17 හැවිරිදි පාසල් හැරගිය දරුවෙකු ද එහි සහායට ගොස් ඇති අතර එම කාලය තුළදී එම දරුවා අනේකවිධ වදහිංසාවට ලක්කර පහරදීමක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් කොටවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබුණි.
මෙම දරුවාගේ හිසට නෑබිලියකින් පහර දී කට දෙපසට ඇද ඉරා  නිරිහාරව තබා ඇති බව පොලිසිය කල විමර්ශනවලදී අනාවරණය විය..
මෙම ආන්දෝලනාත්මක සිද්ධියෙන් පසු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පොලිසිය හා ධීවර කටයුතු අමාත්‍යාංශය පරික්ෂණ ගණානාවක් සිදු කරයි..
මේ සිද්ධියෙන් පසු රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර  මහින්ද යාපා අබේවර්ධන පියල් නිශාන්ත යන අමාත්‍යවරු දරුවාගේ නිවසට සහ රෝහලට ගොස් සොයා බැලුවේය. දරුවා මේ වනවිට මාතර මහරෝහලේ තුන්වන වාට්ටුවේ ප්‍රථිකාර ලබයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී චන්දන හේරත්ගේ උපදෙස් මත කොටවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් ආර්.සී.හෙට්ටිආරච්චි  ඇතුළු නිලධාරීන් විසින් ප්‍රරේදා  දින සිට සිදු කළ විමර්ශනවලින් පසුව බොට්ටුවේ අයිතිකරු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු  මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂයෙන්ම කාන්තා හා ළමා කාර්යාංශය මගින් මෙම බාල වයස්කාර දරුවාට පහරදීම මෙන්ම බාල වයස්කාර දරුවෙකු ධීවර රැකියාවට යොදා ගැනීම සම්බන්ධයෙන් එම බෝට්ටු හිමියා ඇතුළු ඊට සම්බන්ධ සියල්ලන්ට එරහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version