ගොඨාභය රනිල් ගැටුම එළිපිට… අගමැති නිර්දේශ කළ තනතුරු තුනකට ජනපති අනුමැතිය නොදෙයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර ඇති වී තිබෙන අභ්‍යන්තර අර්බුදය ඔඩු දිවීමේ ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය ක්ෂේත්‍රයේ නිර්දේශිත ඉහළ තනතුරු තුනක් සඳහා පුද්ගලයින් පත් කරගැනීමට තවමත් අගමැතිවරයාට නොහැකි වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට සති කීපයකට ඉහත දී මහ බැංකු අධිපති ධුරය සඳහා දිනේෂ් වීරක්කොඩි  මහජන බැංකුවේ සභාපති ධුරයට නීතිඥ නිශ්ශංක නානායක්කාර, ලංකා බැංකුවේ සභාපති ධුරයට නීතිඥ රොනල්ඩ් පෙරේරාගේ නම් අගමැතිවරයා විසින් නිර්දේශ කර ජනාධිපතිවරයා වෙත යවා ඇතත් ඒ සඳහා මෙතෙක් ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබා දී නැති බව ඉහත ආරංචි මාර්ග කියයි.

එමෙන්ම මුදල් ඇමති ධුරය අගමැතිවරයා විසින් භාරගෙන මේ වනවිට මාසයකට අධික කාලයක් ගතව ඇතත් මේ වනවිට මුදල් අමාත්‍යාංශයට හෝ  එයට අනුබද්ධිත ආයතනවලට අයත් කිසිදු ආයතනයකට අගමැතිවරයාට පත්වීම් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව ලංකාසරට වාර්තා වේ.

මුදිත පීරිස්  ලිට්‍රෝ සමාගමේ සභාපති ධුරයට අගමැතිවරයා විසින් නිර්දේශ කළ නමුත් එම පත්වීම අනුමත කරගත්තේ දැඩි පරිශ්‍රයමකින් බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ අනුව මෙවැනි තත්ත්වයක් මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරුන් යටතේ ද මෙවැනි ගැටුමක් ඇති වී තිබුණු බවත් එය රටේ ඉදිරි ගමනට ඉතා අහිතකර ආකාරයෙන් බලපෑ බවත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ලංකාසරට පැවසීය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද රට පත්ව තිබෙන අර්බුදකාරී  තත්ත්වය හමුවේ රටේ ඉහළම පුද්ගලයින්වන ජනාධිපති හා අගමැති අතර මෙවැනි සීතල යුද්ධයක් ඇති වී තිබීම අහිතකර බව වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version