ගෙයින් ගෙට ගොස් පරික්ෂා කර මේ වසරේ දැනට ලාදුරු රෝගීන් 1000ක් හඳුනාගෙන!

ශ්‍රියානි විජේසිංහ –                                                   

ගෙන් ගෙට ගොස් ලාදුරු රෝගීන් සෙවීමේ වැඩසටහන  හේතුවෙන් මේ වසර තුළදී  රෝගීන්  1000ක් හඳුනා ගැනීමට හැකිව ඇතැයි ලාදුරු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර   සඳහන් කරයි.

වැඩිම රෝගීන් වාර්තාවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ මෙසේ ගෙන් ගෙට ගොස් රෝගීන් හදුනාගැනීම සාර්ථකව සිදුකරන බවද අධ්‍යක්ෂවරයා පැවසුවේය.

රෝගය හදුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් තවදුරටත් ව්‍යාප්ත වීම වලක්වා ගත හැකි බැවින් මේ වන විට ලාදුරු මර්දන වැඩසටහනේ සාර්ථකභාවය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්ව ඇතැයිද වෛද්‍ය රණවීර පවසා සිටියි.

වැඩිම ලාඳුරු රෝගීන් මොරටුව එගොඩඋයන ප්‍රදේශයෙන් මේ වන විට හදුනාගෙන ඇති අතර ගම්පහ, මඩකලපුව, ගාල්ල, කොළඹ ආදී වශයෙන් විවිධ ප්‍රදේශයන් තුළ රෝගය මේ වන විට සුලුවශයෙන් පැතිර පවතින බව හෙතෙම පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලාදුරු රෝගය නිට්ටාවට සුව කිරීමට අවශ්‍ය ඖෂධ රෝහල් සතුව පවතින බැවින් කිසියම් ලාදුරු රෝග ලක්ෂණයක් පවතින්නේ නම් වහාම ළඟම පිහිටි සමේ රෝග සායනය වෙත ගොස් නිවැරදි හදුනාගෙන අවශ්‍ය ප්‍රතිකාරයන් ලබා ගන්නැයිද මේ මගින් අප රටතුලින් ලාඳුරු රෝගය මුළුමනින්ම උපුටා දැමිය හැකි බවද අධ්‍යක්ෂ රණවීර   පැවසුවේය.

Exit mobile version