ගුවන් ගමන අවලංගු වී මාසයක් සරණාගතව සිටි ඩුබායි ශ්‍රී ලාංකයෝ ගෙදර එති…

පසගිය 07 වැනිදා අවසන් ගුවන් ගමන අවලංගු වීමෙන් අනතුරුව  දැනට මාසයකට අධික කාලයක් තිස්සේ ඩුබායි ගුවන්තොටුපල හා ඒ ආශ්‍රිතව සරණාගත තත්වයට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව ඊයේ (12) වාර්තා කිරිමෙන් අනතුරුව අබුඩාබි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් නව ගුවන් වාරයක් සංවිධානය කළ බව පැවසුවේය.

ඒ අනුව ඔක්තෝබර් 7 වන දින අවලංගු කරන UL 226 ගුවන් යානය නොවැම්බර් 17 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් සිදු වෙමින් පවතින බව ඔවුන් නිවේදනය කළේය. ඔක්තෝබර් 7 වන දින ගුවන් ගමන සඳහා ලැයිස්තුගත කර ඇති සියලුම මගීන්ට නොවැම්බර් 17 ගුවන් ගමනේදී ප්‍රමුඛතාවය දෙන බව ද  ශ්‍රී ලංකන් ගුවන් සේවය දන්වා සිටියේය.

හෝටල් සඳහා ගෙවීම සහ PCR පරීක්ෂණ විධිවිධාන පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි දින 2 තුළ දැනුවත්  කරන බවත් ඔවුහු කීහ.


පසුගිය ඔක්තෝබර් මස 7 දා රාත්‍රී 10.55 ට UL 226 ශ්‍රී ලoකන් ගුවන් යානයෙන් ඩුබායි සිට ලoකාවට ඒමට නියමිතව සිටි මගීන් 248 ක් අවසන් මොහොතේ ගමන අවලoගු කිරීම හේතුවෙන් මාසයකට අධික කාලයක් එහි සිරව සිටියහ.

එම මඟීන් 7 දා ඩුබායි ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටියදී ශ්‍රී ලoකාවට එන ගුවන් ගමන් නතර කර දැමීමට ශ්‍රී ලංකා රජය තීරණය කළ නිසා අදාල ගුවන් ගමන අවලoගු කර ඇතැයි දන්වා තිබිණි. සමහර මඟීන් එය දැන ගෙන ඇත්තේ ගුවන් තොටුපළට ගියාටද පසුවය.

සියලු දේ අත්හැර මව් රට බලා පැමිණීමට ගුවන්තොටුපලට පැමිණි මගීන් මාසයකට ආසන්න කාලයක් යන එන මං නැතිව, නිසි කෑමක් බීමක් නැතිව, අතේ මුදලක් නැතිව, ඩුබායි උද්‍යානවල පවා ගත කර තිබිණි.

මේ ප්‍රවෘත්තියත් කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සියල්ල කැප කරලා ලංකාවට එන්න ඇවිත් ඩුබායි ගුවන්තොටුපලේ අනාථ වුණු මිනිස්සු…

 

Exit mobile version