ගුවන්තොටුපල පී.සී.ආර්. පර්ක්ෂණාගාරය යළි  භාර දෙන්න… සංචාරක ඇමති සෞඛ්‍ය ඇමතිනියට  ලිඛිතව දන්වයි.. 

සමන්තිකා වීරවර්ධන –                                                        

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම විසින්  කටුනායක ගුවන්තොටුපල තුළ ඉදිකර සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදුන්  පීසීආර් පරික්ෂණාගාරය නැවත අදාල සමාගම වෙත භාරදෙන මෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග   සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු නිලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇත.

ගුවන්තොටුපල  හා  ගුවන්සේවා සමාගම් පරිශ්‍රය තුළ පීසීආර් පරික්ෂණ සිදුකිරීමට අදාල සමාගම හා Hospinorm ආයතනය අතර මේ වන විට එකඟතාවක් ඇතිව තිබෙන බැවින් මෙම රසායනාගාරය නැවත ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම වෙත භාරදීමට  අවශ්‍ය පියවර ගන්නා ලෙස සදහන් කර ඇත.

තවද අදාල රසායනාගාරයේ ඇති උපකරණ මිනුවන්ගොඩ රෝහලේ  භාවිතය සදහා  ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඇමතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී තිබේ.


සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ අමාත්‍යංශ දෙකක අතර ඇතිව තිබෙන තත්ත්වයක් බැවින් මෙය සාකච්ඡා කරමින් විසඳා ගත යුක්තක් වන බවය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් රටේ අවශ්‍යතාවක් මත ඉදිකළ රසායනාගාරයක් එකවර ඉවත් කර ගැනීමට හැකියාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය. 

Exit mobile version