ගුවන්තොටුපලේ දී ඩොලර් වලින් ගෙවන විදේශිකයන්ට පෝලිම්වල නොසිට ඉන්ධන ගන්න බලපත්‍රයක්….

ගුවන් තොටුපලේදී ඇමරිකානු ඩොලර් වලින් ගෙවීමට කැමති සංචාරකයින්ට, සංක්‍රමණික සේවකයින්ට සහ ද්විත්ව පුරවැසියන්ට ඉන්ධන බලපත්‍රයක් ලබා දීමේ යෝජනාවක් සඳහා   අනුමැතිය ලැබී තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ඊයේ කැබිනට් මණ්ඩලය පැවති අවස්ථාවේ  මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊට එකඟ වූ බව විදේශ කටයුතු ඇමතිවරයා පැවසිය.

ඉන්ධන බලපත්‍රය ලබාගත් පසු ඔවුන්ට ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල සිටීමට අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා කීවේය.

නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ විදේශ විනිමය  සම්ප්‍රේෂණය  කිරිමේ දී  එම ප්‍රේෂණ ප්‍රමාණය අනුව නව තීරුබදු රහිත දීමනාවක් පිළිබඳව   ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පල වී ඇත.


එමෙන්ම නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණය කරන මුදලින් 50%කට සමාන විදුලි වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබාදීමේ ක්‍රමවේදයකට ද අනුමැතිය හිමි වී ඇත.

මේ සම්බන්ධව ඇමතිවරයා සිය ට්විටර් ගිනුමේ සටහනක් තබා තිබේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version