ගුරු සංගම් අගමැති සමග කළ සාකච්ඡා අසාර්ථකයි… වර්ජනය දිගටම

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුරු සංගම් අගමැතිවරයා සමග අද උදේ වරුවේ සිට පැවැත්වූ දීර්ඝ සාකච්ඡාව අසාර්ථක වූ බව එම සංගම් ප්‍රකාශයට පත් කළේය.

ගුරුවරුන්ගේ ගැටලුව පිලිබඳ සමාලෝචනය කිරීමට පත් කළ කැබිනට් අනු කමිටුවේ නිර්දේශ ගුරු සංගම් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මේ තත්වය ඇති වී තිබේ.

ඒ අනුව ගුරු සංගම් විසින් ඉදිරිපත් කළ සංශෝධන නැවත කැබිනට් මණ්ඩලයට යොමු කර ලබන අඟහරුවාදා යළි සාකච්ඡාවක් කැඳවීමට අගමැතිවරයා තීරණය කර ඇත.

මෙතෙක් පවත්වාගෙන යන වර්ජනය දිගටම ක්‍රියාත්මක බව ගුරු සංගම් විසින් නිවේදනය කළේය.

Exit mobile version