ගුරු වර්ජනයේ ස්වරූපය අද දහවල් තීන්දු වෙයි… සියලු ගුරු සංගම් අධ්‍යාපන ඇමති සමග තීරණාත්මක සාකච්ඡාවක…

GL-Peiris

සියලුම ගුරු සංගම් අද දවල් 12.30 ට පමණ අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් සමග තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මේ අවස්ථාවේ ගුරු වැටුප් විෂමතා ඉවත් කළ නොහැකි බව කැබිනට් මණ්ඩලය විසින් ඒකමතිකව තීන්දු කිරීමත් සමග ඇතිවන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ වී ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ පැවසුවේ වැටුප් වැඩි කළ නොහැකි බවත් අවශ්‍යනම් ගුරවරුන්ට තම වර්ජනය පවත්වාගෙන යා හැකි බවත් ඔය ඔවුන්ගේ අයිතියක් බවත්ය.


Exit mobile version