ගුරුවරු 42 අත්අඩංගුවට ගන්නේ උද්ඝෝෂණය නිම කර තනි තනිව නිවෙස්වලට යද්දි

බුද්ධි අංශ යොදා තොරතු අරන් පොලිස් කණ්ඩායම් කීපයක් කොළඹින් පිටවන මාර්ගාවලට යොදවලා...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතලිස් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුරු උද්ඝොෂණය නිම කර නිවෙස් බලා යමින් සිටිය දී බව වාර්තා වේ.

උද්ඝෝෂණය නිම කර කොටුවෙන් පිටත් වීමෙන් පසු එකිනෙකා තනි වී සිටිය දී මේ ගරු පිරිස සැලසුම් සහගතව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

බුද්ධි අංශ සහය සහිතව එකිනෙකා පිළිබඳ අධීක්ෂණය කර පොලිස් කණ්ඩායම් කිහිපයක් කොළඹින් පිටවන මාර්ග ආවරණය වන පරිදි රඳවා තබා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අද ගාලුපාර, හයිලෙවල් පාර, නුවර පාර, සහ මීගමු පාර ඔස්සේ රථ පෙළපාළියකින් පැමිණි මෙම උද්ඝෝෂණ කණ්ඩායම ජනාධිපති කාර්යාලය ඉදිරියේ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.

අනතුරුව ජානාධිපති අතිරේක ලේකම් වරයෙක් සමග ගුරු සංගම් සාකච්ඡා කළහ. එම සාකච්ඡා අසාර්ථක වූ බවත් තවත් කමිටුවක් පත් කිරීමට කළ යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂෙප කළ බවත්, ලබන සඳුදා කැබිනට් මණ්ඩලයේ දී නිසි තීරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් එම සාකච්ඡාව අවසානයේ දි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් කීවේය.

ඔහු කීවේ ප්‍රශ්නය විසඳෙනතුරු වර්ජනය ක්‍රියාත්මක බවය.

අනතුරුව ගුරුවරු විසිර ගියහ. අත්අඩංගුවට පත් වූයේ එසේ තමුන්ගේ නිවෙස් බලා යන ගුරුවරුය.

Exit mobile version