ගිය මස තුළ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි 700කට කොවිඩ් වැළඳලා…

වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇත්තේ රෝහල තුළ දීම දැයි සැකයක්.... 

නතාෂා නෙත්මිණි  –                                    

කොළඹ ජාතික රෝහලේ පසුගිය මාසය තුළදී කොරෝනා ආසාදිත පුද්ගලයින් 1000ට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් ගැන සලකා බැලීමේ දී එම රෝගීන්ට කොවිඩ් ආසාදනය වී ඇත්තේ රෝහල තුළ දී බව පෙනී ගොස් තිබේ.

පසුගිය මාසයේ වාට්ටු අංක 72 තුළදී පමණක් ආසාදිත රෝගීන් 50දෙනෙකු හඳුනා ගත් බවත් අනතුරුව ඔවුන්ව කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන රෝහල් වෙත මාරුකර යැවීමට කටයුතු කළ බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා  පැමිණෙන රෝගීන්ගෙන් හා නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගෙන් මෙන්ම විවිධ රෝග සඳහා  ප්‍රතිකාර ගෙන සුවය   ලබා නිවෙස් වෙත යාමට පෙර  කරන ලද  පීසීආර් පරික්ෂාවන් වලදී  ආසාදිත රෝගීන් හමු වන බව ඔහු පැවසීය.


කිසියම්  රෝගයක් සඳහා සති ගණනක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් පසුව නිවෙස් වෙත යාමට පෙර ඇතැම් රෝගීන්ගේ සිදුකරනු ලබ පීසීආර් පරික්ෂාවන් වලදී ඔහු ආසාදිතයෙකු  වන අවස්ථාවන් කීපවාරයක්ම වාර්තා වූ අතර එම පුද්ගලයින්ව කොරෝනා ප්‍රතිකාර රෝහල් වෙත තවත් දින 14ක් සදහා යොමුකළ අවස්ථාවන් කීපයක්ම වාර්තා වූ බව එම ප්‍රකාශකයා සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ පීසීආර් පරික්ෂාවන් සිදුකරනුයේ අහඹු ලෙස තෝරාගත් රෝගීන්ගෙන් පමණක් බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

 

Exit mobile version