ගිනි නිවන රිය කෝටි 4යි – රක්ෂණය ලක්ෂ 60යි

දිනසේන රතුගමගේ

යාපනය මහ නගර සභාව විසින් රුපියල් ලක්ෂ 380 කට මිලදී ගෙන ඇති ගිණි නිවන රථය අනතුරට පත්වීමෙන් පසුව ඒ වෙණුවෙන් රක්ෂණ වන්දි ලබා ගැනීම විශාල ප්‍රශ්නයක් වී තිබේ.

මේ රථය මිලදී ගෙන වසරක් ඉක්ම යාමටත් පෙර එම රථය 2020-06-16 දා පෙරළී සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූයේ එහි සේවකයෙකුද මරණයට පත් කරමිනි.


යාපනය මහ නගර සභවේ ගිණි නිවන රථය නිසි ලෙස රක්ෂණ ආවරණයකට ලක්කොට නොතිබීම නිසා එම රථය අනතුරට ලක්වීම හේතුවෙන් මියගිය සේවකයාට හා තුවාල ලැබූ සේවකයින් දෙදෙනාට වන්දි මුදල් ලබා ගැනීමේ විශාල අවහිරයක් පවතින බවද නාගරික මන්ත්‍රී ලෝහා දයානන්දන් මහතා සදහන් කරයි.

එම ගිණි නිවන රථය සදහා රක්ෂණ වන්දි ඉල්ලා සිටීමට යාපනය මහ නගර සභාවේ නිලධාරීන් අටයුතු කළ අවස්ථාවේදී එම රථය රක්ෂණය කොට ඇත්තේ රුපියල් ලක්ෂ හැටකට පමණක් බව හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන යාපනය මහ නගර සභාවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරණ නාගරික මන්ත්‍රී ලොහා දයානන්දන් කියා සිටින්නේ ලක්ෂ 380 කට මිලදී ගත් එම ගිණි නිවන රථය රක්ෂණය කිරීමේදී රුපියල් ලක්ෂ හැටකට රක්ෂණය කිරීම තුළ විශාල වංචාවක් සිදුව ඇති බව තමන් විශ්වාස කරණ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් මේ පිළිබදව යාපනය මහ නගර සභා රැස්වීමේදී කරුණු හෙළි කළ නමුත් මේ දක්වා ඊට පිළිගත හැකි ප්‍රකාශයක් ලබා දී නොමැති බව පවසන නාගරික මන්ත්‍රීවරයා ඉදිරියේදීත් මේ තත්ත්වයම දක්නට ලැබෙන්නේ නම් තමන් නගර සභාවේ වගකිවයුතු සියලු දෙනාට විරුද්ධව නීති මගින් පියවර ගැනීමට සූදානම් බවද කියා සිටියේය.

Exit mobile version