ගිනිගත් නැවේ කාර්ය මණ්ඩලයත් සටනට එක්වෙයි

ගිනි අනතුරට පත් නෞකාවේ
කපිතාන්වරයා ඇතුළු නිරුපද්‍රිතව සිටින කාර්ය මණ්ඩලයේ 21 දෙනකු මේ වනවිට ශ්‍රි ලංකා නාවික හමුදා සහ ඉන්දීය නිවික යාත්‍රාවල සිට නැවේ ඇති වූ ගින්න පාලනය කිරීමට අදාළ සහය ලබාදෙමින් සිටින බව නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ රියර් අද්මිරාල් වයි එන් ජයරත්න මහතා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

“නැවේ සිටි කාර්ය මණ්ඩලයේ 23 දෙනාගෙන් 19 දෙනකු ශ්‍රි ලංකා නාවික හමුදාවේ වෙනෟකාවල රැඳී සිටි ගින්න නිවීමට ආදළ ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම හුවමාරු කර ගනිමින් සිටිනවා. නැවේ කපිතාන්වරයා සහ තවත් නැවියකු ඉන්දීය වෙරළ ආරක්ෂක නෞකාවක සිට ඊට අදාළ උපදෙස් ලබා දෙමින් සිටිනවා. නාවික හමුදාව බේරා ගත් එක් පුද්ගලයකු දරුණු පිළිස්සුම් තුවාල සහිතව මේ වනවිට කල්මුණේ රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවත් එක් පුද්ගලයකු අතුරුදන්. ඔහු සිට ඇත්තේ එන්ජින් කාමරයේ. මෙම ගින්නට අදාළ පිපිරීම සිදුවුණේත් එන්ජින් කාමරයේ බොයිලේරුවක. ඔහු සිටින ස්ථානයට ළඟා වීමට අපහසු තත්ත්වයක් තිබුණා. අනතුරේ ස්වභාවය අනුව ඔහු ජීවතුන් අතර සිටින්නේදැයි විශ්වාස කිරීම අසීරුයි“ යයිද වැඩිදුර අදහස් දක්වමින් මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.


Exit mobile version