ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

 ලලිත් චාමින්ද –

ගිංතොට  ප්‍රදේශයේ මියගිය  තිදරු පියෙකුට කොවිඩ් වෛරසය ආසාදනයවී ඇති බවට පී.සි ආර් පරික්ෂණයේ දි තහවුරුවි ඇති බැව් කරාපිටිය ශික්ෂණ රොහලේ වැඩබලන හදසිමරණ පරික්ෂක චන්ද්‍රසේන  ලොකුගේ මහතා පවසයි.

මියගිය තිදරු පියා 61 හැවිරිදිවියේ පසුවන ගිංතොට මහගෙදර වත්තේ පදිංචිකරුවෙකි. මොහු ඊයේ (18) නිවස තුළදි මියගොස් ඇති අතර මෘතදේහය වැඩබලන හදිසි මරණ පරික්ෂකවරයාගේ නියෝගයට අනුව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එනු ලැබිය.  

මියගිය පුද්ගලයාගේ  සම්බන්ධයෙන් කළ පී.සි.ආර් පරික්ෂණයේ දී ඔහුට  කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද වැඩබලන හදසිමරණ පරික්ෂකවරයා සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය පුද්ගලයා  අධික රුධිර පිඩනය දියවැඩියාව වැනි රෝගාබාධවලින් පෙළුණු අයෙකි. මොහුගේ පශ්චාත් මරණ පරික්ෂණය  අද (19)  පැවැත්වීමට නියමිතව ඇත. මේ වනවිට බෝපෝ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත මරණ 04ක් වාර්තා වි ඇති බැව්  බෝපේ පොද්දල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

 

 

Exit mobile version