ගෑස් බෙදාහැරීම  අද ඇරඹෙයි… දිනකට ගෑස් ටැංකි අසූ දාහයි… රටේ ගෑස් ටැංකි ලක්ෂ 40ක් හිඟයි…

අද සිට  දිනකට ගෑස් ටැංකි අසූ දහස බැගින් නිකුත්කරමින් ගෑස් බෙදා හැරීම ආරම්භ  කිරීමට සැලසුම් කර ඇතැයි ලිට්‍රෝ සමාගම කී ප්‍රකාශ කරයි.

මේ වනවිට වෙළෙඳපලේ ගෑස් ටැංකි ලක්ෂ හතලිහක හිඟයක් ඇති පසුබිමක සති 05ක කාලයකින් පසු ගෑස් බෙදා හැරීම ආරම්භ වී තිබේ.

ගෑස් බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ඊයේය. එහෙත් පෙරේදා  පස්වරුවේ දිවයිනට ලඟා වූ ගෑස් මෙට්‍රික් ටොන් 2800ක් රැගත් නෞකාවේ අඩංගු ගෑස් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගොඩබෑමට නොහැකි වූයේය.

අනතුරුව එම නෞකාව කොළඹ වරාය වෙත රැගෙනවිත් පසුව බවුසර මගින් ගෑස්  කෙරවලපිටිය ගෑස් තොග ගබඩා පර්යන්තය වෙත ප්‍රවාහනය කළේය.


මෙම තත්ත්වය හමුවේ ඊයේ ලිට්‍රෝ සමාගමට නිකුත් කිරීමට හැකියාව ලැබී තිබුණේ ගෑස් සිලින්ඩර 8,000ක් පමණි. අද ගෑස් බෙදා හැරීම ආරම්භ වන බවත් මේ වනවිට තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3800ක් රැගත්  නෞකාවක්   දිවයිනට ළඟා වී ඇති බවත්  ලිට්‍රෝ සමාගම නිවේදනය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් දැනට රට තුළ ඇති වී තිබෙන උග්‍ර ගෑස් හිඟය සමනය කර ගැනීමට තව දින විස්සක් පමණ ගතවනු ඇතැයි  විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර ඊයේ පාර්ලිමේන්තුවේ දී කීවේය.

 

Exit mobile version