ගෑස් පිපිරීම්වල වගකීම භාරගන්නේ නෑ… ලිට්‍රෝ සභාපති කියයි!

THISERA-JAYASINGHE

ගෑස් පිපිරීම් සම්බන්ධව කිසිම වගකීමක්  භාරගැනීමට තමන් සූදානම් නැති බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙසාර ජයසිංහ පවසයි. ඔහු මේ බව පවසන්නේ හිරු ටීවී රූපවාහිනී සංවාදයකට එක්වෙමිනි.

ඔහු පෙන්වා දෙන්නේ තමන් ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වූ පසුගිය ජූලි මාසයෙන් පසු සංයුතිය හානිදායක ලෙස වෙනස් නොකළ බවත්, තමන් කළේ හානිදායක වූ සංයුතිය ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිකරණයට අනුව නිවැරදි කරීම බවත් ය.

ජනාධිපතිවරයා විසින් පත් කළ ගෑස් සම්බන්ධ විමර්ශන කමිටුවේ උපදේශය පිට පසුගිය වකවානුවේ සීමිත කාලයක් තුළ මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ එම පරීක්ෂණ කටයුතු නිසි ලෙස පවත්වාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට බවද සභාපතිවරයා කීවේය.


ඔහු පවසන්නේ ගෑස් සංයුතිය වෙනස් කළ පසුත් ගෑස් පිපිරීම් සිද්ධි 25ක් 30ක් අතර ප්‍රමාණයක් වාර්තා වී ඇති බැවින් මේ සම්බන්ධව වෙනත් කෝණයකින් ද විමසා බැලිය යුතු බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම සෑම ගෑස් සිලින්ඩරයක් සඳහාම රුපියල් මිලියනක රක්ෂණාවරණයක් ඇති බැවින් 1311ට අමතා යම් වින්දිතයෙකුට එම රක්ෂණාවරණයෙන් ප්‍රයෝජන ගත හැකි බව සභාපතිවරයා කීවේය.

Exit mobile version