ගෑනු බිව්වම වෙන දේ වෛද්‍ය විද්‍යාත්මකව දැනගන්න…

පිරිමි හා ගැහැණු ශරීර තුළ මද්‍යසාර ක්‍රියාත්මක වන ආකාරය වෙනස් බවත් පිරිමි ශරීරයකට මද්‍යසාර ඇතුළු වූ විට ක්‍රියාත්මක වෙනවාට වඩා ගැහැණු ශරීරයකට මද්‍යසාර ඇතුළු වූ විට ක්‍රියාත්මක වන ආකාරයට  ජීව විද්‍යාත්මක හේතු තුනක් තිබෙන බවත් කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක   ‘ඉරිදා ලංකාදීපය’ට අදහස් දක්වමින් පවසා තිබේ.

මේ හේතුන් නිසා කාන්තා සිරුරේ මධ්‍යසාර වැඩි වේලාවක් රැඳී පවතින අතර කාන්තා ශරීරයේ එන්සයිම නිපදවීමක් සිදු නොවන නිසා ඇල්කොහොල් ශරීරය තුළ තනුක වීම සිදු වන්නේ ඉතාමත් සෙමිනි.

කාන්තා සිරුරේ තිබෙන ජල ප්‍රමාණය පිරිමි සිරුරට වඩා අඩු වීම හේතුවෙන් මධ්‍යසාර අක්‍රීය කරන එන්සයිම ක්‍රියා කරන්නේ ද ඉතා සෙමිනි.

“මේ වෙනකොට ගෑනු ළමයෙක් බියර් එකක්, වයින් එක්ක බිව්වට ප්‍රශ්නයක් නෑ කියලා මතයක් සමාජයේ හැදිලා තියෙනවා.. මේක වැරදියි.. මේ හැම මද්‍යසාරයකම ඇල්කොහොල් තියෙනවා.. කවර වර්ගයක මත්පැන් වුණත් එහි බලපෑම සිද්ද වෙන්නේ ගන්න ප්‍රමාණය අනුව..


අරක්කු වීදුරුවකින් සිදු වෙන බලපෑම වයින් වීදුරුවෙනුත් වෙන්න පුළුවන්.. වයිට් වයින්වලට වඩා රෙඩ් වයින්වලින් කාන්තා සිරුරට එල්ල වන බලපෑම වැඩියි . කොක්ටේල් සාද අද දසමාජටවෙය් දුලබයි . මෙම කොක්ටේල්වල මත්පැන් වර්ග කීපයක් මිශ්‍ර කරන නිසා එය භාවිතයේදී මද්‍යසාර සාන්ද්‍රණය පිළිබඳව හරි අදහසක් නැතිවෙනන්පුළුවන්. මේ නිසා ඉතා අවබෝධයෙන් මේවා පාලනය කළ යුතුයි. ”

වෛද්‍යවරයා අදහස් පළ කරමින් පවසා ඇත.

මත්පැන් පානය හේතුවෙන් කාන්තා මිනිස් මොළයේ යටපත් වී තිබෙන නොදියුණු පූර්ජෛවජ ලක්ෂණ ඉස්මතු වීමට පටන් ගන්නවා.මේ නිසා තමයි මත් පැන් පානය කළ අය පරුෂ වචන කියන්නේ අඳුම් නැතිව යන්නේ. කළහකාරීව වැඩ කරන්නේ. මේ තත්වය ක්නාත්වාන් කෙරෙන් ප්‍රමුඛව දකින්නට පුළුවන්. වෛද්‍යවරයා සඳහන් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව කාන්තාවකට ශරීරගත වන මද්‍යසාර ප්‍රමාණය අනුව කලහකාරී ලිංගික හැසිරීම්, ප්‍රචණ්ඩත්වය, සමාජ වීරෝධී හැසිරීම්, අසභ්‍ය වචනයෙන් බැණවැදිම, හදිසි තීරණ ගැනීම, අසාමාන්‍ය හැසිරීම්, නිරුවත්ව සිටීම පෙළඹීම වැනි දේ සිදු විය හැකි බව ද වෛද්‍ය වරුණ ගුණතිලක  වැඩිදුරටත් පවසා ඇත

Exit mobile version