ගැසට් නිවේදනයකින් ජනපති වරාය අත්‍යාවශ්‍ය සේවාවක් කරයි..

වහාම ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනිම සඳහා වරාය සේවා කටයුතු අවහිරයකින් තොරව සිදු කිරීම සඳහා මෙම පියවර ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතාවට හා රටට අවශ්‍ය කරන සේවාවන් උපරිම අයුරින් ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙමගින් හැකිවනු ඇති බව පෙන්වා දී තිබේ.


Exit mobile version