ගාළුමුවදොරට මළ සිරුරක් ගොඩ ගසයි!

 

ගාලු මුවදොර වෙරළ තිරයට නාදුනනන මළසිරුරක් (පිරිමි පුද්ගලයකු )ගොඩ ගසා ඇති බව පොලිසිය කියයි.

මේ වන විට කොටුව පොලිස් ස්ථානයේ නිළධාරින්  ස්ථානයට පැමිණ තිබේ. මියගොස් ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.  මූලික පරික්ෂණ වලදි තැලුම් පහර දීම් හෝ වෙනයම් තුවාල හඳුනාගෙන නැති බවත් ඝාතනයක් විය නොහැකි බවත් පොලිසිය කියයි.

තරුණයාගේ ජාතික හැදුනුම්පත ඔහුගේ පසුම්බියේ තිබී හමුවී ඇත. බොහෝ විට මෙම තරුණයා වැල්ලවත්ත ආශ්‍රිතව මුහුදට වැටෙන්නට ඇති බවත් එම ප්‍රදේශයෙන් වැටෙන විට රැල්ලට හසුව ගොඩ ගසන්නේ ගාලුමුවදොර අවට මුහුදු තීරයෙන් බවත් විමර්ශන අංශ කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.

 

Exit mobile version