ගාලු මුවදොරට පැමිණි පොලිස් ට්‍රක් රථ ගැන නීතීඥ සංගමයෙන් ආණ්ඩුවට පණිවිඩයක්!

මේ අරගලයට අත තිබ්බොත් ධරුණු ප්‍රතිඵල විඳින්න සිද්ධවේවි...

අද උදෑසන ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණය සිදු කෙරෙන ගාලු මුවදොර ආසන්නයට පොලිස් ට්‍රක් රථ රැසක් ගෙන ඒම පිළිබඳව විරෝධය පළ කරන ශ්‍රි ලංකා නීතීඥ සංගමය සාමකාමීව නීත්‍යනුකුලව සිදු කරන මහජන විරෝධයට බාධා නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

එසේම සිදු කරන මෙම අරගලය මර්දනය කළහොත් දරුණු ප්‍රතිවිපාක අත්විඳින්නට අපට සිදුවනු ඇති බවට ඔවුහු රජයට අනතුරු අඟවති.

ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස්   ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද එම මාධ්‍ය නිවේදනයට අනුව ශ්‍රි ලංකා නීතීඥ සංගමය සිය නීතීඥවරුන් තමන් වෙත දන්වා ඇත්තේ අද උදෑසන සිට ගාලුමුවදොර ප්‍රදේශයේ පොලිස් ට්‍රක් රථ ගණනක් නවතා ඇති බවය. මෙම පොලිස් ට්‍රක් රථ පිළිබඳව සමාජ මාධ්‍යවල ද පුළුල් ප්‍රචාරයක් ගෙන ගිය අතර එයින් පසුව එම රථ පෙළ එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.


ඒ සම්බන්ධව සමාජ මධ්‍ය වාර්තා කර තිබුණේ මෙසේය.

මෙරට ජනතාව විසින් සාමකාමී ව සිදු කරන මෙම විරෝධය මර්දනය කිරීම සඳහා ගන්නා යම් ක්‍රියාමාර්ගයක් වේ නම් ඒ පිළිබඳව සිය සංගමය බලවත් අවධානයෙන් පසුවන බව සඳහන් කර තිබේ. එවැනි මර්දනය කිරීමේ යම් උත්සාහයක් ක්‍රියාත්මක වෙයි නම් එයින් රටටත් රටේ ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආදිපත්‍යයට බලවත් පළවිපාකවපලට ලක් වන්නට සිදුවිය හැකිය.

එබැවින් ශ්‍රි ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ කිසිදු ආකාරයකින් මහජනතාවට විවිධ අදහස් දැක්වීමේ සහ පුකාශ කිරීමේ නීත්‍යනුකූල අයිතිය ට බාධා නොකරන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය පහත දැක්වේ.

Exit mobile version