ගාල්ල ශ්‍රි.ල.නි.ප මහජන නියෝජිතයන් 11කට විනය පරීක්ෂණ

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රි.ල.නි.පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් 11 දෙනෙකුට එරෙහිව පක්ෂයේ විනය කමිටුවක් මගින් විනය පරික්ෂණ සිදුකොට ඇති බැව් ශ්‍රි.ල.නි.පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්නායක හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෂාන් විජේලාල් ද සිල්වා පවසයි.

ගාල්ල දඩැල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකදි ශ්‍රි.ල.නි.ප යේ ජේ්‍යෂ්ඨ නිතිඥයින් 08 දෙනෙකුගෙන් යුත් විනය කමිටුවක් මගින් විනය පරික්ෂණ සිදුකොට ඇත. ශ්‍රි..ල.නි.ප නියෝජනය කරණ හික්කඩුව නගර සභාවේ මන්ත්‍රිවරුන් 02නෙකුට, රත්ගම ප්‍රාදේශිය සභාවේ 01 මන්ත්‍රිවරයකුට, නියාගම ප්‍රාදේශිය සභාවේ 01 මන්ත්‍රිවරයකුට, කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරු 02නෙකුට, වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභාවේ 01 මන්ත්‍රිවරයකුට ඉමදුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් 02නෙකුට හා හබරාදුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් 02නෙකුට එරෙහිව මෙම විනය පරික්ෂණ එදින සිදුකොට ඇත.

අදාල ලිපි නොලැබිම නිසා එදින විනය පරික්ෂණ කමිටුවට සහභාගි විමට නොහැකිවු ඉමදුව ප්‍රදේශිය සභවේ මන්ත්‍රිවරුන් 02නෙකුට හා නියාගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයකුට විනය පරික්ෂණයට සහභාගිවිම සදහා විනය කමිටුව මගින් සති දෙකක කාලයක් ලබාදුන් බවද ෂාන් විජේලාල් ද සිල්වා පවසයි.

එම ආසනවල ශ්‍රි.ල.නි පක්ෂ ආසන සංවිධායකවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබු ලිඛිත පැමිණිලි මත පක්ෂයේ විනය කමිටුව මගින් මෙම පරික්ෂණ සිදුකළ බවද ඔහු පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රි.ල.නි.ප ය නියෝජනය කරන කිසිදු පළාත් පාලන සභිකයෙකුට එරෙහිව තමන් ලිඛිතව හා වාචිකව පැමිණිලි සිදුකොට නොමැති බවද ෂාන් විජේලාල් ද සිල්වා පවසයි.

අදාල බල ප්‍රදේශවල ශ්‍රි.ල.නි. ප යේ ආසන සංවිධායකවරුන් විසින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරග කළ එකම ශ්‍රි.ල.නි.ප අපේක්ෂකයාවන තමාට සහයෝගය ලබා නුදුන් බවට ඔවුන් පක්ෂය වෙත පැමිණිලිකොට තිබු බවද හෙතෙම පවසයි.

ඒ නිසා තමන්ට ද විනය කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදිමට සිදුවු බවද ඔහු කියයි. විනය කමිටුවේ තින්දුව ඉදිරියේ දි පක්ෂයේ විනය කමිටුව මගින් ආදාල සභිකයින් වෙත ලබාදෙනු ඇති බවද ෂාන් විජේලාල් ද සිල්වා වැඩිදුරටත් කියයි

Exit mobile version