ගාල්ල බන්ධනාගාරය තුළත් කොවිඩ් පොකුරක් හැදෙයි…  

පී.සී.ආර් 69න් 34ක් පොසිටිව්…කාන්තා රැඳවියන් 34ක් නියාමකවරියන් 03කට කොවිඩ් ආසාදිතයි….

ලලිත් චාමින්ද –

ගාල්ල බන්ධනාගාරයේ  කාන්තා වාට්ටුවේ සිටි කාන්තා සිරකාරියන් 34 දෙනෙකුට හා බන්ධනාගාර නියාමකවරියන් 03නෙකුට ඊයේ (06)  කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට  තහවුරුවි  ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි  පවසයි.

ඉකුත් (05) වන දින ගාල්ල බන්ධනාගාරයේ  කාන්තා සිරකාරියන්  39 දෙනෙකු, පිරිමි සිරකරුවන් 06 දෙනෙකු  බන්ධනාගාර නියාමකයින් 07 දෙනෙකු හා  බන්ධනාගාර කාන්තා නියාමකවරියන් 17 දෙනෙකු පි.සි ආර් පරික්ෂණවලට ලක්කරනු ලැබිය. පි.සි.ආර් පරික්ෂණවලට ලක්කළ 69 දෙනාගෙන්  37 දෙනෙකුට  පි.සි.ආර් පරික්ෂණ ප්‍රථිපල අනුව  කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා  කීය.  බන්ධනාගාර වාට්ටුවේ සිටි කාන්තා රැඳවියන් 39 දෙනාගෙන් 34 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇත. බන්ධනාගාර කාන්තා නියාමකවරියන් 17 දෙනාගෙන්  03 නෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා කීවේය.

කාන්තා සිරකාරියන්  පොළොන්නරුව ගල්ලැල්ල කෙවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයට හා  බන්ධනාගාර කාන්තා නියාමකවරියන් තිදෙනා කරන්දෙණිය  ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට කටයුතු කර ඇති බවද හෙතෙම පවසයි. 


ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ සිටි ගැබනි මවකට ඉකුත් (05) දින කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවීමෙන්   මෙම පි.සි.ආර් පරීක්ෂණ සිදුකරනු ලැබිය. මේ පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින්   ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා මෙසේ කිවේය.

“ බන්ධනාගාරයේ  කාන්තා වාට්ටුවේ සිටින සිරකාරියන් සියලුදේනා බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය කරලා තමයි ගාල්ල බන්ධනාගාරය වෙත යොමුකරලා තියෙන්නේ. ඒ නිසා   බාහිර පර්ශවයකගේ අයකුගෙන් තමයි  වෛරසය මේ අයට පැතිරෙන්න ඇත්තේ කියා විශ්වාස කරනවා. මෙම වාට්ටුවේ සේවය කරන  කාන්තා නියාමකවරියකගෙන් වෛරසය පැතිරෙන්න පුළුවන් කියලා  උපකල්පනය කරනවා. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා බන්ධනාගාරයේ සියලුම නියාමකවරියන් හා පවුල්වල අය පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට නිරෝධායනය කිරීමට කටයුතු කරනවා. එමෙන්ම රාජකාරි කිරීමේදී නිරාවරණයවන තීව්‍රතාවය අනුව බන්ධනාගාර නියාමකවරුද විටින් විට පි.සි ආර් පරික්ෂණවලට යොමුකිරිමට කටයුතු කරනවා. එමෙන්ම මින් ඉදිරියට  වාට්ටු තුළ සේවය කරනවිට මිට වඩා විධිමත් අයුරින් රාජකාරි කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය හරහා නිර්දේශ කිරිමට  කටයුතු කරන කරනවා.“

 

Exit mobile version