ගාල්ල බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිත කාන්තා රැඳවියන් ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට

ලලිත් චාමින්ද –

කොවිඩ් වෛරසය ආසාදනය වි සිටි ගාල්ල බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 37 දෙනෙකු අද (09) අළුයම පොළොන්නරුව ගල්ලෑල්ල වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කළ බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

අද (09) අළුයම 4.00ට පමණ මෙම කාන්තා රැඳවියන් බස්රථ දෙකකින් රැගෙන යනු ලැබිය. කාන්තා වාට්ටුවේ සිටි රඳවියන් රැගෙනයාමේ දි ඔවුන්ගෙන් දැඩි විරෝධයක්ද එල්ල වී තිබිණි. කෙසේවුවද බන්ධනාගාර නිලධාරින්ගේ මැදිහත් විමෙන් ඔවුන් බස් රථවලට නංවා රැගෙන යාමට කටයුතු කරනු ලැබිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ රැඳවියන් 40 දෙනෙකු සිටි අතර ඉන් 38 දෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වි තිබුණි. පළමුව කොවිඩ් වෛරසය ආසාදනය වුයේ එහි සිටි ගැබිනි කාන්තාවකටය.


Exit mobile version