ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් අද කොවිඩ් ආසාදිතයින් 14ක්…

ලලිත් චාමින්ද –

ගාල්ල නාගරික බල ප්‍රදේශයේ   සංචරණ සිමා පනවා ඇති ප්‍රදේශවලින්  තවත් කොරෝනා ආසාදිතයින්   17 දෙනෙකු (14) අද අළුයම වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසයි.

මෙම පුද්ගලයින් 17 දෙනා මෙකි බල ප්‍රදේශයේ මිට පෙර කොරෝනා වෛරසය ආසාදනය වු   පුද්ගලයින්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. පළමුපෙළ ආශ්‍රිතයින් 88 දෙනෙකු  ඉකුත් 12 වැනිදින පි.සි.ආර් පරික්ෂණයට ලක්කොට ඇති අතර අද (14) අළුයම ලැබුණු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව  පළමුපෙළ ආශ්‍රිතයින් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ඔහු පවසයි. දෙද්දුගොඩ උතුර, තලාපිටිය ඇතුළු සංචරඛ සිමා පනවා ඇති  ප්‍රදේශවලින් මෙකි කොරෝන ආසාදිත රෝගින් වාර්තා වි ඇත. කටුගොඩ ප්‍රදේශයේ ඊයේ (13) දින පි.සි.ආර් පරික්ෂණ 48ක් සිදුකොට ඇති අතර ඒවායේ ප්‍රථිපල ලැබිමට නියමිතව ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට සිමා සහිත සංචරණ සිමා පනවා ඇති  ප්‍රාදේශවලින් වාර්තා වි ඇති කොරෝනා ආසාදිත රෝගින් සංඛ්‍යාව 79 දක්වා ඉහල ගොස් ඇති බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය. ගාල්ල කඩවත්සතර ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට අයත්  දංගෙදර නැගෙනහිර, දෙද්දුගොඩ උතුර, දේද්දුගොඩ දකුණ, මිලිද්දුව මකුළුව තලාපිටිය කොන්ගහ යන ග්‍රාම නිලධාරි වසම් සඳහා දැඩි සංචරණ සිමා පැනවිමට කටයුතු කර ඇත.


Exit mobile version