ගාල්ල තැපැල් කාර්යාලය වසා දැමේ…

ලලිත් චාමින්ද –

කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල තැපල් කාර්යාලය අද (11) දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තීන්දු කළ බැව් දකුණු පළාත් භාර නියෝජ්‍ය තැපල්පති  ටි.එල්.එම්.එස්  මෙන්ඩිස්  පැවසුවාය.

ගාල්ල තැපල් කාර්යලයේ කාර්යමණ්ඩලයේ තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට දැනුම් දිමෙන් පසු සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මෙම  පියවරගත් බවද නියෝජ්‍ය තැපල්පතිනය සඳහන් කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 ගාල්ල නාගරික බල ප්‍රදේශය තුල  ඉකුත් 09 වැනිදින කරණු ලැබු  පි.සි.ආර් පරික්ෂණවල ප්‍රථිපල අද (11) ලැබි ඇති අතර ඒ අනුව  තැපල් කාර්යාලයේ සේවකයින් තිදෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත. තැපල් කාර්යාලය විවෘත කරන දිනය පසුව දැනුම්දෙන බවද නියෝජ්‍ය තැපල්පතිනිය වැඩිදුරටත් සදහන් කළාය.


 

Exit mobile version