ග්‍රාම නිලධාරී වසම් 17ක් හුදකලා කෙරේ… මේ වනවිට ආසාදිතයන් 992ක්

කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය, තීනියාවල, මීගහතැන්න පොලිස් බලප්‍රදේශ වලට අයත් ග්‍රාම නිලධාරී වසම් 15ක් සහ පොලොන්නරුව පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 02ක් මේ මොහොතේ සිට හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කළේය.

ඒ අනුව පහත දක්වා ඇති ප්‍රදේශ හුදකලා කර ඇත්තේය.

බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ : බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසම, ඉඟුරුදලුව ග්‍රාම නිලධාරී වසම, මිදලන ග්‍රාම නිලධාරී වසම, මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම, පැළෑද ග්‍රාම නිලධාරී වසම, හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසම සහ මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම.

තීනියාවල පොලිස් බලප්‍රදේශයේ තිනියාවල ග්‍රාම නිලධාරී වසම.

මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ : වල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසම, මාකලන්දාව ග්‍රාම නිලධාරී වසම, බෝතලාව ග්‍රාම නිලධාරී වසම, කටුයකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසම, පහළ හවෙස්ස ග්‍රාම නිලධාරී වසම, මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම සහ පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම.


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර පොලිස් බලප්‍රදේශය සහ සරුබිම ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදෙකලා කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 922 දෙනෙකු වාර්තා වී ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Exit mobile version