ග්‍රාම නිලධාරීන්ට කොවිඩ් ආරක්ෂක ඇඳුම් සහ අවදානම් දීමනාවක් දෙන්න රජයේ අවධානය

කොවිඩ් වසංගතය හමුවේ ග්‍රාම නිලධාරීවරුන්ට කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් සහ අවදානම් දීමනාවක් ලබාදීමට අවධානය යොමු කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

කොවිඩ් වසංගත තත්වය හමුවේ ග්‍රාම නිලධාරී කොට්ඨාශවල කොවිඩ් මඩින මෙහෙයුමේ නිරතව සිටින ග්‍රාම නිලධාරීන්ට ආරක්ෂිත ඇඟලුම් කට්ටලයක් හෝ නොමැතිව සිය රාජකාරි සිදු කරන බවටත් ඔවුන් වෙත අවදානම් දීමනාවක් ලබා දීමට කටයුතු කරන ලෙසත් රෝහන බණ්ඩාර මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ඉල්ලීම පිළිබඳ රජයේ අවධානය යොමුකරන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුවයි.

Exit mobile version