ගල් අඟුරු ප්‍රසම්පාදනයට තරගකාරී මිල ගණන් යටතේ ටෙන්ඩර් කැඳවයි…

Kanchana-W

ගල් අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටිකාලීන අවශ්‍යතා මත ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් අනුව සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ඔහු පවසන්නේ     ලංකා ගල් අඟුරු සමාඟමේ  ලියාපදිංචි සැපයුම්කරුවන් සහ ගල් අඟුරු සැපයීමට හැකියාව ඇති ඕනෑම සැපයුම්කරුවෙකු සඳහා අවම දින 180 ක ණය පහසුකමක් සහිතව මෙම ටෙන්ඩරය විවෘත කර ඇති බවය.

ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා වන දිගුකාලීන ටෙන්ඩරය ලබන සතිය වන විට පල කරන බව ද ඇමතිවරයා දන්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

Exit mobile version