ගර්භණී මවුවරු 70කට කොවිඩ්… දැනට  03ක් දැඩි සත්කාර ඒකකවල…

අයි.සී.යූ සිටිය යුතු තවත් මවුවරුන්ට ඇඳන් නෑ... ප්‍රවේශම් වන්න.. පවුල් සෞඛ්‍ය කාර්යාංශය ගැබිණි මවුවරුන්ගෙන් ඉල්ලයි...

වේගයෙන් පැතිර යන කොවිඩ් වයිරසය ගර්භනී මව්වරුන්ට ආසාදනය වීම ඉතා බරපතල තත්ත්වන් ඇති කළ හැකි බැවින් සෞඛ්‍ය ආරක්ෂිතව හැකි පමණ නිවෙස්තුලම රැඳීසිටින ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා චිත්‍රමාලි ද සිල්වා  ගර්භනී මව්වරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ වන විට ගර්භනී මව්වරුන් 70ක් දෙනා කොවිඩ් වයිරසය ආසාදනය වී රෝහල් ගතකර ඇති බවත් දැඩිසත්කාරවල තැබිය යුතු මව්වරුන්ට දැඩිසත්කාර ඇදන් සොයා ගැනීම ඉතාමත් දුෂ්කර වි ඇතැයිද ඇය පෙන්වාදේ.

කෙසේ නමුත් මේ වන විට දැඩිසත්කාරයන්හී මව්වරුන් තුන්දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් මව්වරුන් දෙදෙනෙකු හෝමාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයේත් අනෙක් මව කරාපිටියදැඩිසත්කා ඒකකයටත් ඇතුළත් කර ඇතැයි ඇය පැවසුවාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයටඇතුළත් කළ ගර්බීනී මව එක්මෝ යන්ත්‍රයක් නොමැතිව මුල්ලේරියාරෝහලේ දැඩිසත්කාර ඒකකයේ  දින කීපයක් රදවා තබා පසුව කරාපියට ‌රෝහලේ එක්මෝ යන්ත්‍රයේ සේවවා ලබා ගැනීම සදහා මාරුකර හැර තිබේ.

Exit mobile version