ගම මහනුවර ද?… හුස්ම ගන්නෙ පරිස්සමින්…..

ඉතා අහිතකර වායු සංයුතියකින් මහනුවර වායු ඝනත්වය ඉහළ ගොස් ඇති බව මහනුවර ජාතික රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්තර මැදගෙදර පවසයි.

අහිතකර වායූන් නිසා පරිසරය තුළ දුම් සහිත අඳුරු ස්වභාවයක් දක්නට ලැබෙන බවත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් සිදුකළ පරීක්ෂණයකින්ද මේ බව තහවුරුව තිබෙන බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

මෙම අංශු සමඟ විෂබීජ හා වෛරස් ශරීරගත වීමේ අවදානමක් තිබෙන නිසා ජනතාව සැලකිලිමත් විය යුතු බව පවසන ඔහු මෙම අහිතකර වායු අංශු පෙනහළු හා අනෙකුත් ඉන්ද්‍රියන් වලට ඇතුළු වී විවිධ ආසාත්මිකතා ඇති කළ හැකි බව කීවේය.


වාහන වලින් පිටවන අධික දුම, කැලෑ ගිනි තැබීම්, නිවෙස් වලින් අවිධිමත් ලෙස සිදුකරන අපද්‍රව්‍ය දහනය වායු ගෝලය දූෂණයට ප්‍රධාන හේතුවක් බවත් මහනුවර නගරය බේසමක හැඩයට පිහිටා තිබීම නිසා මෙම අහිතකර වායු වල බලපෑම ඉතා ඉහළ බවත් විශේෂඥ වෛද්‍ය මැදගෙදර පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් අවධානමත් සමඟ ජනතාව මුව ආවරණ පැළඳීමට ක්‍රියා කිරීම මගින් අහිතකර වායුන් ශරීරයට ඇතුළු වීම වලක්වා ගැනීමටද හැකියාව ලැබෙන බව කී ඔහු මුව ආවරණ පැළඳීම ජීවන පිළිවෙතක් කරගැනීමේ වැදගත් කම කීවේය.

Exit mobile version