ගමේ යනවා වගේ බෝට්ටුවෙන් ඉන්දියාවෙ ගිය ලාංකික ව්‍යාපාරිකයා ධනුකොඩියේ දී කොටුවෙයි

දිනසේන රතුගමගේ:

තලෙයිමන්නාරමේ සිට ධීවර බෝට්ටුවක ආධාරයෙන් අනවසරයෙන් ඉන්දියාවට යමින් සිටි මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු 21 දා ඉන්දියාවේ ධනුකොඩි ප්‍රදේශයේ වෙරළාරක්ෂක පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

එම ව්‍යාපාරිකයා ගමන් කළ ධීවර බෝට්ටුව ඉන්දියාවේ රාමේස්වරන් ධීවර ව්‍යාපාරිකයෙකුට අයත් බෝට්ටුවක් වන අතර ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 30000 කට සමාන ඉන්දීය මුදල් ප්‍රමාණයක් ගෙවා ඔහු එම බෝට්ටුවෙන් ඉන්දියාවට යාමට උත්සහ කොට තිබේ.


මොහොමඩ් හුසේන් නැමති මෙම ව්‍යාපාරිකයා ඉන්දියාවේ රාමනාදන්පුරම් නම්බුතාලෙයි ප්‍රදේශයේ පුද්ගලයෙකු බවත් ඔහු දැනට ඉන්දියාවේ තිරිච්චි ප්‍රදේශයේ සිට ව්‍යාපාරික කටයුතු කරණ අතරතුර ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරු පළාතට පැමිණ ව්‍යාපාරික කටයුතු අවසන් කොට ආපසු යමින් සිටියදී ඔහුව අත් අඩංගුවට පත්ව තිබේ.

Exit mobile version