ගමේ ගොවීන් ගැන සොයන්න බුද්ධි අංශ බස්සයි!…

රට පුරා සෑම ගමකම සිදු කෙරෙන ගොවිකම් අතුළු කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ව සම්පූර්ණ දත්ත තොරතුරු ලබා ගැනීම සඳහා බුද්ධි මෙහෙයමුක් ආරම්භ වී ඇති බව විශ්වාස කටයුතු අරංචි මාර්ගයක් ලංකාසරට හෙළිදරව් කළේය.

සෑම ග්‍රාම සේවා වසමකම සිටින ගොවීන් සහ ඔවුන් විසින් වගා කරන බෝග අතුළු සියලුම තොරතුරු සහ සංඛ්‍යාලේඛන මෙසේ එක්රැස් කරන බවත් ඒම කටයුත්ත සෑම පොලිසියකටම අනුයුක්තව සිටින පොලිස් විශේෂ බුද්ධි කාර්යාංශයේ නිලධාරීන් යොදවා එකතු කෙරෙනු ඇති බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙ සම්බන්ධයෙන් පොලිසියේ ප්‍රධානීන් හරහා මේ වනවිට වාචිකව උ‍පදෙස් ලැබී ඇති අතර දත්ත සම්පූර්ණ කිරීම සඳහා පෝරමයක් මේ වනවිට අදාළ බුද්ධි නිලධාරීන් අතරට පත්කර ඇති බවද සඳහන් වේ. මෙම බුද්ධි නිලධාරීන් සෑම පොලිස් වසමක්ම ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදු කරන අතර වී, එළවලු පලතුරු ඇතුළු සියලුම බෝග වගා කර ඇති ප්‍රමාණ ඔවුන් ඒවා අලෙවි කරන්නේ කාටද කවර ගණන් හිලව්වලටද යන්න පිළිබඳව මෙන්ම ප්‍රදේශයේ සිටින කිරි ගොවීන් ප්‍රමාණය, ඔවුන්ගෙන් දෛනිකව ලැබෙන කිරි ප්‍රමාණය සහ ඔවුන් ඒවා අලෙවි කරන්නේ කාටද යන්න පිළිබඳවද තොරතුරු ලබා දෙන්නැයි උපදෙස් ලැබී ඇති බව සඳහන් වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ හදිසි බුද්ධි විමර්ශනයට හේතුව මෙතෙක් හෙළිව නැතත් කෘෂි විද්වතුන් විසින් ඉදිරියේදී ආහාර සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් පවතිනු ඇති බවට සිදු කොට ඇති පුරෝකථන මත මෙවැනි පියවරක් ගන්නට ඇති මේ පිළිබඳව අනාවරණය කළ ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

Exit mobile version