ගම්මන්පිලගේ කට වසයි – කථානායකගෙන් සහනයක් ඉල්ලයි

පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවති බලශක්ති අර්බුදය පිළිබඳ විවාදයේ දී පිළිතුරු කතාවක් ලෙස තමන්ට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා නොදුන් බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.

තමන් මේ පිළිබඳව ලිඛිතව ආණ්ඩු පක්ෂ සංවිධායක වරයාගෙන් ඉල්ලා සිටිය ද තමාට එම අවස්ථාව ලබා දී නොමැති බව සඳහන් කරන ගම්මන්පිල මහතා කතානායකවරයාගෙන් වත් සාධාරණයක් ඉටු වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව සිය ට්විටර් සමාජ ජාල ගිණුම් ඒ අදහස් දක්වමින් පවසා තිබේ .

ඔහු පවසන පරිදි පසුගිය හත්වෙනිදා තමාට කතාවක් අවශ්‍ය බවට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක වරයාගේ කාර්යාලයට ලිඛිතව දැනුම්දීමක් කළ ද එම කාර්යාලයෙන් ඔහු වෙත පිළිතුරු දී තිබුණේ වැනි කතාවක් ලබාදිය නොහැකි බවයි.


ඉන්පසුව ගම්මන්පිල මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගෙන් තමාට අවස්තාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී ‘සලකා බලන්නම්’ යයි ප්‍රතිචාර දැක්වුවද යළිත් ඔහුගේ කාර්යාලය කතා සියල්ල වෙන්කර ඇති බැවින් එවැනි අවස්ථාවක් ලබාදිය නොහැකි බව සඳහන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ඡන්ද 136,331ක් ලබමින් පිවිසි ඔහුට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා නොදීම එම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ද බාධා කිරීමක් බව සඳහන් කරන ගම්මන්පිල මහතා තමන් මේ අසාධාරණය සම්බන්ධයෙන් කථානායකවරයාගේ අවධානය යොමුවනු ඇති බවත් ඔහුගෙන්වත් සාධාරණයක් ඉටු වනු ඇති බවත් අපේක්ෂා කරන බව සඳහන් කරයි.

Exit mobile version