ගම්පොල රෝහලේ ඒකක තුනක් වැසෙයි

ගම්පොළ මූලික රෝහලේ බාහිර රෝගී ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය සහ ළමා සහ මාතෘ ඒකකය අද පෙරවරුවේ සිට වසා දැමීමට රෝහල් අධිකාරිය පියවර ගෙන තිබේ.

එම රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

එම වෛද්‍යවරයා පසුගියදා වෙනත් රෝහලකට මාරුවීමක් ලැබ ගොස් ඇති අතර ඔහු ආසාදිතයකු බවට තහවුරු වීමත් සමඟ ඔහු සමග සමීපව කටයුතු කළ රෝහල් කාර්ය මණ්ඩලය සාමාජිකයන් නියෝජනය කරන අංශ මේ වන විට වසා දැමීමට පියවර ගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදුකිරීමට ද පියවර ගෙන තිබේ.


එම පරීක්ෂණ ප්‍රතිඵල මත රෝහලේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය වෙනු ඇති බව රෝහල් ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එතෙක් එම රෝහලේ කටයුතු සහ රෝගීන් ආසන්න වෙනත් රෝහල්වලට යොමු කිරීමට අදාළ කටයුතු මේ වන විට ගෙන තිබේ.

Exit mobile version