ගම්පහ පවුල් 6807ක් නිරෝධායනයේ… පවුලකට රුපියල් 10 000ක ආහාර සලාකයක්…

Kolkata: A family looks from the window of a house during the nationwide lockdown imposed to contain the coronavirus pandemic, in Kolkata, Tuesday, March 31, 2020. (PTI Photo/Swapan Mahapatra) (PTI31-03-2020_000112B)

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13හි පවුල් 6807ක් නිරෝධායනය කර ඇති බවත් ඔවුන් වෙනුවෙන් දින 14කට ප්‍රමාණවත්, රුපියල් දස දහසක් වටිනා වියලි ආහාර සලාකයක් සඳුදා සිට බෙදා දීම ආරම්භ කරන බවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් ලංකාසරට පැවසීය.
මෙම භාණ්ඩ බෙදා දීම ලබන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඊට අත්‍යාවශ්‍ය වියලි සලාක වලට අමරව එළවළු හා පළතුරු ඇතුළත් කර ඇති අතර සතොස ඇතුළු ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසල්වලින් මිල ගණන් කැඳවා එම ද්‍රව්‍ය මිලදී ගැනීම කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් කීය.
මේ පිළිබඳව වගකීම් දරන ප්‍රාදේශී්‍ය ලේකම්වරු පවසන්නේ මේ වසංගත තත්වය හමුවේ එළවළු හා පළතුරු  සපයා ගැනීමේ දුෂ්කරතාවක් ඇතත් එය සපුරා ගැනීමට හැකි උපරිම ශක්තියෙන් වැඩ කරන බවය.

Exit mobile version