ගම්පහ නම් කළ පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉදිරි දින 03හි දැඩිව ක්‍රියාත්මකයි…

නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් බල ප්‍රදේශවලට ඉදිරි තෙදින තුළ නිරෝධායන ඇඳිරි නීතිය තදබල ලෙස ක්‍රියාත්මක කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

පසුගිය දින 04 තුළ සුපිරි වෙළෙඳසල් හා ඖෂධහල් විවෘත කරනු ලැබු බවත් ජනතාව තමන්ට අවශ්‍ය ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ලබාගනු ඇතැයි විශ්වාස කරන බවත් හමුදාපතිවරයා පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තත්ව සමාලෝචනයකින් අනතුරුව ඉදිරි තෙදින ගතවූ පසු කඩ සාප්පු සුපුරුදු ලෙස විවෘත කළහැකි වනු ඇති බවට ඔහු විශ්වාසය පල කලේය.


Exit mobile version