‘ගම්පහ ටියුෂන්වලට ප්‍රශ්නයක් නෑ’

ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥවරයා කියයි

ශ්‍රියානි විජේසිංහ –

සෞඛ්‍යය නීති රීති යථා තත්වයෙන් පවත්වාගෙන ගම්පහ ප්‍රදේශයේ අධයාපන ආයතන පවත්වාගෙන යා හැකි බව ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ සුභාෂ් සුබසිංහ පැවසීය.

දැනට නිරෝධායනටය ලක් කළ ගම්පහ අර්ධ රාජ්‍ය පාසලේ දරුවන් ගුරුමණ්ඩලය හා කොවිඩ් ආසාදිත ගුරුවරයාගේ පුද්ගලික පන්තිවලට සහභාගී වූ 152කගේ මුල් වටයේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල යහපත් බවද ඔහු කීය.

තවත් දින 14කින් දෙවන වටයේ පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
කන්දකාඩුවේ කොවිඩ් ආසාදිත රියදුරෙක් සමීපව ඇසුරු කිරීමට සිදුවීම නිසා මෙම ගුරුවරයාට වෛරසය ආසාදනය වී තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට 152ක පිරිසෙන් කොටසක් නිරෝධායන මධ්‍යස්ථානවලත්, තවත් පිරිසක් නිවෙස්වලත් නිරෝධායනය කර ඇතැයි ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥවරයා කියයි.

Exit mobile version