ගම්පහ කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් නිවෙස් තුළම මිය යයි…

ඊයේ (14) සිය නිවෙස තුළම මිය ගිය පුද්ගලයන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය තහවුරු කළේය.

ගම්පහ සෞඛ්‍ය කොට්ඨාසයේ වලව්වත්ත පදිංචි 72 හැවිරිදි කාන්තාවක් හා බණ්ඩාරවත්ත පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ ඔවුන්ගේ නිවෙස් තුළම මියගොස් තිබේ.

මිය ගිය දෙදෙනාගේ මෘත ශරීර පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාට කොරෝනා වෛරයස ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කියැවේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම පවුල්වල සාමාජිකයන් නිවෙස් තුළම නිරෝධායනය කර ඇති අතර පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.

Exit mobile version