ගම්පහ කළුකඩ ගැන දන්වන්න… පාරිභෝගික සේවා අධිකාරිය කියයි…

Villege-Market

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් වැඩි මිලට බඩු විකිණීම ආදී සියලුම අක්‍රමිකතා සිදු කරන ජංගම වෙළෙන්දන් හා බලපත්‍ර ලාභී වෙළෙන්දන් සම්බන්නධව දැනුම් දෙන ලෙස ගම්හප දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී ප්‍රදීප් කලුතරආරචිච් දන්වා සිටී.

මේ වනවිට වැටලීම් ආරම්භ කර ඇති බවත්, සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේ දී රජය විසින් ලබා දී ඇති වෙළෙඳ බලපත්‍ර අවභාවිතා කර අසාධාරණ හා කූට ලෙස වෙළෙඳාම් සිදුකරන්නේ නම් එය විශාල වරදක් බවත් පවසන ප්‍රදීප් කලුතරආරච්චි එවැනි වෙළෙඳුන් සම්බන්ධව 0771088918 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස දන්වා සිටී.

මිල ගණන් ප්‍රදර්ශනය නොකර වැඩිමිලට බඩු විකිණීම් , බලපත්‍ර ලද ප්‍රදේශ වලින් පිට වෙළෙඳාම් කිරීම්, බලපත්‍ර ලද වෙළෙඳ ද්‍රව්‍ය නොවන වෙනත් වෙළෙදාම් කිරීම් මත මේ වනවිට වෙළෙන්දන් ගණනකගේ වෙළෙඳ බලපත්‍ර අහෝසි කළ බව ද ඔහු පැවසුවේය.

Exit mobile version