ගම්පහට ඇඳිරි නීතිය දැම්මේ ඇයි?

gampaha

ශ්‍රියානි විජේසිංහ –

 පෑලියගොඩ මාලු වෙළද සංකීර්ණයේ කොවිඩ් ආසාදිතයන් 49 දෙනෙකු හමු වීම හේතුවෙන් සහ නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කර්මාන්තශාලාවන් සැලකිය යුතු සංඛ්‍යාවකගේ සේවක සේවිකාවන්ට කොවිඩ් වෛරසය  ආසාදනය වී ඇති බැවින් සංචරණය සීමා කිරීමේ අදහසින් ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවූ බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
අපකල විමසුමකට පිලිතුරු දෙමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කීවේ කළේ මාලු වෙළද සංකීර්ණයේ හමුවූ ආසාදිතයින් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම මාළු මිලදී ගැනීමට පැමිණි වැඩිම පිරිස ගම්පහ අවට ප්‍රදේශයේ පුද්ගලයින් නිසාත් මෙසේ ඇදිරිනීතිය පැනවීමට හේතු වූ බව ඔහු වැඩිදරටත් සඳහන් කළේය.

Exit mobile version