ගත්තෙ නෑ කී ණය පාඨලී හෙළි කරයි… ගෝඨාභය රජය පසුගිය දෙවසර තුළ ඩොලර් බිලිය 5.18ක් ණය අරන්…

තමන්ගේ ධුර කාලය තුළ එකදු විදේශ ණයක් හෝ ලබාගෙන නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   කියා සිටියේ තමන් ජනාධිපති ධූරය දැරූ වසර දෙකක කාලය තුළ එකදු විදේශ ණයක් හෝ ලබාගෙන නොමැති බව කීවත් පසුගිය දෙවසර තුළ මෙම ආණ්ඩුව ඩොලර් බිලයන 5.18කට අධික ණය මුදලක් රැගෙන ඇතැයි සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියයි.

තමන් එකදු විදේශ ණයක්වත් ලබා ගත්තේ නැති බවත්, අනෙක් රජයන් විසින් ගත් ණය වාරික තමන්ට ගෙවීමට සිදු වී ඇති බවත්  ජනාධිපතිවරයා   ප්‍රකාශ කළේ පසුගිය 07 වැනිදා මොණරාගල පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන ආරම්භ කරමින් සියඹලාන්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීමෙන් අනතුව රැස්ව සිටි පිරිස අමතමිනි.

.“මගේ අවුරුදු 2ක සේවා කාලය තුළ මම එක සතයක්වත් ණයට අරගෙන නැහැ. ණය ආපසු ගෙවීම ලෙස අපට වාර්ෂිකව ඩොලර් බිලියන 6.3 ක් ගෙවිය යුතුය. මේ ණය ගත්තේ පසුගිය රජයන්. එය සංවර්ධන කටයුතු සඳහා හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා විය හැකි නමුත් අපට දැන් සෑම වසරකම ආපසු ගෙවීමට සිදුවී තිබෙනවා.“ ජනාධිපතිවරයා කීවේය.


මේ අතර සමගි ජන බලවේග    පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක   වත්මන් රජය ලබාගෙන ඇති බවට වාර්තා වන ණය ලැයිස්තුවක් සිය ෆේස් බුක් ගිනුම හරහා  නිකුත් කර තිබේ.

එම වාර්තාවලට අනුව 2020 වසරේදී පමණක් ඩොලර් මිලියන 1,875ක් ණය වශයෙන් ලබාගෙන ඇති බව   මන්ත්‍රීවරයා කියයි. ඔහුට අනුව 2021 දී, මුළු ණය එක්සත් ජනපද ඩොලර් මිලියන 3,300 කට වඩා වැඩිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව චම්පික රණවක සිය මුහුණුපොත හරහා බෙදාගත්  තොරතුරු ප්‍රකාරව ගෙවී ගිය දෙවසර තුළදී ඩොලර් බිලියන 5.18කට අධික මුදලක් ණය වශයෙන් ගෝඨාභය රජය ලබාගෙන ඇත. මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ ණය ලයිස්තුව පහත දැක්වේ.

Exit mobile version