ගණිකා වෘත්තිය යෙදෙන්න කොළඹ සිට යාපනේ ගිය කාන්තාවන් පොලිස් අත් අඩංගුවට…

දිනසේන රතුගමගේ –

කොළඹ සිට පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් කණ්ඩායමක් සමග  යාපනයේ චුණ්ඩික්කුලි ප්‍රදේශයේ කාලයක සිට පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු හා ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයාව   යාපනය පොලීසිය විසින් ඊයේ (29 )   අත් අඩංගුවට ගෙන තිබේ.

කුළියට ගත් නිවාසයක් නවාතැන් ලබා දීමේ  මධ්‍යස්ථානයක් ලෙස හදුන්වමින් මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇත්තේ යාපනයේ පුද්ගලයෙකි.

මීට මාසයකට පමණ ඉහතදී කොළඹ  සිට කාන්තාවන් දස දෙනෙකු පමණ  මෙම ගණිකා නිවාසයට පැමිණ  යාපනයට පැමිණෙන පුද්ගලයින්ට ගණිකා සේවය ලබා දුන් බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

අත් අඩංගුවට පත්ව ඇති කාන්තාවන් දෙදෙනා කොළඹ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කාන්තාවන් දෙදෙනා හා  ගණිකා නිවාසයේ හිමිකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන ඇත.

Exit mobile version