ගජේන්ද්‍ර කුමාර් අත්අඩංගුවට…

දිනසේන රතුගමගේ

පොලිසිය මගහරිමින් සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්‍ද්‍රකුමාර් පොන්නම්බලම් අද (07) උදේ    ඔහුගේ කොල්ලුපිටිය නිවසේ දී පොලිිසයි විසින්  අත්අඩංගුවට ගත්තේය.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට මරදන්කේණි පොලිිසිය විසින්  විශේෂ පොලිස් කණ්ඩායමක්   කොළඹට පැමිණ ඇති අතර අනතුරුව ඔහුව ඔහුගේ නිවසේ දී  අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට ඔහු කිළිනොච්චි  අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා  කිළිනොච්චිය වෙත රැගෙන යමින් ඇත.

මන්ත්‍රීවරයා   ඇතුලු පිරිසක් කිළිනොච්චියේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථනයක  පාසලකට ගොස් දේශපාලන රැස්වීමක් පැවැත්වීම නිසා පොලීසිය ඊට විරුද්ධ  වීමත් සමගම ම  එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණි.


එහිදී මන්ත්‍රීවරයා පොලිසියේ රාජකාරී වලට බාධා කළ අතර ඔහුට  පක්ෂයේ ආධාරකරුවන් පිරිසක්ද අනුබල ලබා දී තිබුණ බව පොලිසිය කීවේය.

එසේ අනුබල දුන් කාන්තාවක් හා තවත් අයෙකු පොලීසිය  විසින් අත් අඩංගුවට ගෙන කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව  රිමාන්ඩ් බාරයට පත් කල අතර අධිකරණ  නියෝගයක් මත  මන්ත්‍රීවරයාටද මරදන්කේණී පොලීසියට පැමිණ  ප්‍රකාශයක් ලබා දෙන  ලෙස   දැණුම් දී තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නියෝගය පැහැර හැරීමෙන් පසුව මරදන්කේණී පොලිසිය විසින් යළි අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version