“ගංගාවලට කලගෙඩි දාන්න කලින් ජනතාව වෙනුවෙන් කරන්න දේවල් බොහෝ තිබුණා”

විපක්ෂ නායක සජිත් මිරිසවැටිය රජමහා විහාරස්ථානයේ දී කියයි

අද ජනතාව බරපතල ආර්ථික කඩා වැටීමකට ලක්ව ඇති බවත්,විශේෂයෙන්ම එදිනෙදා කුලීකම්කරුවන්,ස්වයං රැකියා ලාබීන්,ඇතුලු ජන සමාජයේ අසරණම කොටස දැඩි ව්‍යසනයකට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

එදා සංවර්ධනය ,සහන සැලසීම යනාදී වචන පවා ඇතැමුන්ට විහිලුවට සහ උපහාසයට හේතුවූ බවත් එහෙත් අද සහන සහ සංවර්ධනය යථාර්ථයක් බවත් ඒ මහතා කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝහල්වල බරපතල අඩුපාඩුකම් ඇති බව කී ඒ මහතා කලගෙඩි ගංගාවලට දැමීම වෙනුවට ජනතාව වෙනුවෙන් කළයුතු බොහෝ දේ තිබූ බවත් කීය. මිරිසවැටිය රජමහා විහාරයේ විහාරාධිකාරි ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද ඊතලවැටුණු වැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.


Exit mobile version